ගරු අමාත්‍යතුමාගේ පණිවිඩය

භූමි හිමිකමක් නැති සියලු ශ්‍රි ලාංකිකයින්ට, ඉඩමක හිමිකම ලබාදෙමින්, වගා නොකරන සියලු ඉඩම් ඵලදායී ආර්ථික ක්‍රියාවලියකට නතු කෙරෙන, පරිසරයේ සමතුලිතභාවය රැකෙන, ඉඩම් මෙහෙවරකට ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශය මෙහෙයවීම මාගේ දැක්මයි.

අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම අනුව යමින්, රටක් සතු ප්‍රධානම ස්වභාවික සම්පත වන භූමිය උපරිමයෙන් කළමනාකරණය කර, මතු පරපුර වෙනුවෙන් ආරක්ෂාකරදීම අප සැමගේ වගකීමකි.

රටේ සෑම සංවර්ධන ක්‍රියාදාමයකදීම මුලිකත්වය හිමිවන්නේ, ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයටයි. අමාත්‍යාංශයේ උපයෝගීතාව, වඩාත් අර්ථාන්විත වන්නේ , එකී භුමි සම්පත ප්‍රශස්තව, රටේ සංවර්ධනයටත් ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නංවාලීමටත් දායක කර ගැනීමෙනි.

ගෝලීය සංකල්ප හා බද්ධව, නවීන තාක්ෂණය උපරිමයෙන් භාවිත කරන ප්‍රජාවට, මෙම වෙබ් අඩවිය මහත් පිටිවහලක් සපයනු ඇති බවට මා විශ්වාස කරමි.

එම අරමුණ ඇතිව, ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයේ තොරතුරු යාවත්කාලීන කරමින් ජනතාවට සැපයීමට ගන්නා උත්සාහය ඉතා අගය කරමි.

 

එස් . එම්. චන්ද්‍රසේන,

ගරු ඉඩම් අමාත්‍ය

 
Top